(SMD & PTH COMPONENTS)  by hasindu rathnayake 

PTH (Pin Through - Hole) 

PTH කියන්නේ "Pin Through - Hole" යන නාමයට යොදන කෙටි වදනකුයිමෙයටම  HT (Hole - Throght) යන වදනත් භාවිතාකරනවා.
මෙයින් අදහස් වෙන්නේ "සිදුරක් හරහා යෙදීමට හැකි පරිදි  අග්‍ර සහිත උපාංගයන් පිළිබදවයි." ඕගොල්ලෝ දැකලා තියෙන ගොඩක් ඉලෙක්ට්‍රොනික් උපාංගවල පහත රූපයේ ආකාරයට දිගු අග්‍ර (Pin) සහිතව ඇති නිපදවලා තියෙනවා දැකලා ඇති..
එවැනි දිගු අග්‍ර සහිත ඉලෙක්ට්‍රොනික උපාංගයන් හදුන්වන කෙටි නාමයක් තමා මේ "PTH" කියලා කියන්නේ. 
එවගේම මේ PTH උපාංගයන් ආශ්‍රිත තාක්ෂණය අපි 
"THT" (Through Hole -Technology) කියලා හදුන්වනවා.

මෙය තරමක් පැරණි තාක්ෂණයක්නමුත් අදටත් මෙම ක්‍රමය භාවිතා වෙනවාමෙම PTH උපාංගවල ඇති දිගු අග්‍ර (Pin) පරිපථ පුවරුවට ඇතුළුකරන්නේ එක් පැත්තකින් වන අතරපෑස්සීම් කටයුතු සිදුකරන්නේ පරිපථ පුවරුවේ අනෙක් පැත්තෙන් වේ.

මේනිසා උපාංගයන් පරිපථ පුවරුවට සම්බන්ධ කිරීමටපුවරුවේ සිදුරු (Hole) ඇතිකල යුතුයඉන්පසු තමා ඒ හරහා (Through) උපාංගවල අග්‍ර ඇතුළුකලයුතු වන්නේඒනිසයි මෙයට Through - Hole (TH) යන නාමය යෙදී ඇත්තේ..

Soldering Iron
ඉතින් මෙම PTH ආකාරයේ උපාංගයන් පරිපථ පුවරුවට සවිකිරීමට අප යොදාගනු ලබන්නේ "Soldering Iron" නැතිනම්සාමාන්‍ය ව්‍යවහාරයේදි කියන "බවුතයනම් උපකරණයයි.
එමගින් අපට පහසුවෙන් මෙම PTH ආකාරයේ  උපාංගයන් පරිපථ පුවරුවට සම්බන්ධ කරගැනීමට හැකියාව ලැබෙනවා..

හොදයි එහෙනම් මෙච්ච්ර වෙලා PTH උපාංග ගැන කතාකලානේදැන් අපි SMD උපාංග කියන්නේ මොනවද කියලා දැනගනිමු..


SMD (Surface Mount Device) 

SMD යන්නෙන් අදහස් වෙන්නේ "Surface Mount Device"යන්නයි.  මෙයින් අදහස් වෙන්නේ, "මතුපිට සවිකල හැකි උපාංගයන් පිළිබදවයි."  

ඕගොල්ලෝ දැකලා ඇති මවුපුවරු (Mother Board) වැනි සංකීර්ණ විද්‍යුත් පරිපථ වල ඉතා කුඩා ඉලෙක්ට්‍රෝනික උපාංගයන් සවිකර තිබෙනවාඑවැනි කුඩා ඉලෙක්ට්‍රොනික උපාංගයන් පොදුවේ හදුන්වන නමක් තමා SMD කියලා කියන්නේ.
එවගේම මෙම SMD උපාංගයන් ආශ්‍රිත තාක්ෂණය අපි "SMT" (Surface Mount Technology) ලෙසින් හදුන්වනු ලබනවා.
මෙය THT තාක්ෂණයට පසු පැමිණි නව තාක්ෂණික ක්‍රමවේදයකි.

මෙහිදි PTH උපාංගයන් වල මෙන් දිගු අග්‍ර (Pin) පිහිටා නොමැති අතරඒවෙනුවට ඇත්තේ "පෑඩ්" (Pad) ලෙසින් හදුන්වන කුඩා සන්නායක තැටි කොටස් වේඑමනිසා මෙම උපාංග පරිපථ පුවරුවට සවිකිරීමේදී පරිපථ පුවරුව සිදුරු කිරීමට අවශ්‍යතාවයක් ඇතිනොවේ.

එමනිසා මෙම උපාංගයන් පරිපථ පුවරුවට සවිකරන්නේ එක් පැත්තකින් පමණයිඑවගේම පෑස්සීම් කටයුතු සිදුකරන්නේද එම උපාංගය සවිකරන ලද පැත්තේම වේ.

එමනිසා අපට පරිපථ සකස්කිරීමේදිපරිපථ පුවරුවේ දෙපසම පරිපථය සකස්කිරීම සදහා භාවිතා කලහැකිවේතවද මෙම උපාංගයන් ඉතා කුඩා නිසාකුඩා ඉඩක් තුල අවශ්‍ය පරිපථය සකස්කරගැනීමට අපට හැකියාව ලැබේ.

තවද PTH ආකාරයෙන් පවතින ට්‍රාන්සිස්ටර්,රෙසිස්ටර්,කැපෑසිටර් වැනි සෑම ඉලෙක්ට්‍රොනික උපාංගයක්ම පාහේමෙවැනි SMD ආකාරයෙනුත් නිෂ්පාදනය කරන බවත් මතකතබාගන්න.

Hot Air Gun
ඉතින් මෙම SMD ආකාරයේ ඉලෙක්ට්‍රොනික උපාංගයන් පරිපථ පුවරුවලට සවිකර ගැනීම සදහා අප විශේෂ උපකරණයක් භාවිතාකරනවාඑය "Hot Air Gun" ලෙසින් හදුන්වනු ලබනවාසාමාන්‍ය භාවිතයේදි මෙය "හොට් ගන්" (Hot Gun) ලෙසින්ද ව්‍යවහාර වේ.
මෙහිදි සාමාන්‍ය බවුතයේදි මෙන් රත්වන කූරක් (bit / බිට් එකනොමැති අතරඒවෙනුවට ඇත්තේ රත්වූ වායු දහරාවක් නිකුත්කරන "නොසලයකි" (Nozzle). එමගින් අපට මෙම SMD ආකාරයේ උපාංගයන් පරිපථ පුවරුවට සම්බන්ධ කරගැනීමට හැකිවේ..


SMD හා PTH උපාංගයන්ගේ ඇති වෙනස්කම් 


  • PTH  උපාංගයන් සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාල වන අතර, SMD උපාංගයන් ඊට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩාවේ.


  • PTH උපාංගයන්වල කූරු/අග්‍ර (Pin) ඇතුළුකරන්නේ පරිපථ පුවරුවේ එක් පසකින් වන අතරපෑස්සීම් කටයුතු සිදුකරන්නේ පරිපථ පුවරුවේ අනෙක් පැත්තේ වේඑම නිසා පරිපථ පුවරුව සිදුරු කිරීමටද සිදුවේනමුත් SMD උපාංගයන්වල කූරු (Pin) නොමැති බැවින් පරිපථ පුවරුව සිදුරු කිරීමට අවශ්‍ය නොවන අතරඋපාංගය සවිකිරීම සිදුවන්නේ එක් පැත්තක පමණි.


  • PTH උපාංගයන්වල කූරු හෝ අග්‍ර(Pin) පිහිටන අතර,SMD උපාංගයන්වල ඇත්තේ "පෑඩ්" (Pad) නම් සන්නායක තැටි වේ.


  • PTH උපාංගයන් වලට විශාල ධාරා ප්‍රමාණයන් හැසිරවිය හැකි අතර, SMD ආකාරයේ උපාංගයන්ට හැසිරවිය හැක්කේ කුඩා ධාරා ප්‍රමාණයන් පමණයිඑමනිසා විශාල ධාරාවක් පාලනය කිරීමට සිදුවන පරිපථවල PTH උපාංගයන් භාවිතවීම සිදුවේ..

Comments

Popular Posts